නවම් පොහොය අදයි.

බෞද්ධ ශාසනයේ සුවිශේෂ සිදුවීම් ගනනාවක් සදහා මූලික වූ නවම් පුර පොහොය දිනය අදට(01) යෙදී ඇත. 

භික්ෂූන්වහන්සේ 1250 පමණ පිරිසක් වෙනුවෙන් පළමු සංඝ සන්නිපාතය පැවැත්වීම, සැරියුත් සහ මුගලන් මහරහතන් වහන්සේලා අගසව් තනතුරේ පිහිටවීම, බුදුන්වහන්සේ ආයුසංස්කරණය අත්හැරීම වැනි සිදුවීම් මෙම පොහොය දිනයේ විශේෂ සිදුවීම් ලෙස සැලකේ.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර මංගල්‍යයද නවම් පොහොය දිනට යෙදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *