අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ස්වාධීනව සිය රාජකාරි කටයුතු සිදුකිරීමට හැකිවූ බැවින් බැවින් ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනයක වාර්තාගත ආධායමක් උපයාගත් බව එහි අධ්යක්ෂ ජෙනරාල් සරත් නොනිස් මහතා අවදාරණය කළේය.
නව නිලධාරින් බදවා ගැනීම්, වරදකරුවන්ගේ දඩ මුදල් අවම කිරීම මෙන්ම, වරදකරුවන් මුදාහැරීම වැනි කටයුතු සම්බන්ධයෙන් දේශපාලන හස්තයන් දිගුනොවූ බව හෙතෙම පැවසීය.
මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා අනවශ්‍ය බලපෑම් වලින් තොරව කටයුතු කිරීම මෙන්ම ඔවුන් රාජකාරී කටයුතු සදහා දැක්වූ සහයෝගය මෙම ජයග්රහන සාර්ථක අන්දමින් අත්පත් කර ගැනීමට විශාල පිටිවහලක් වූ බවද සරත් නෝනිස් මහතා සදහන් කළේය.
රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා මේ බව පැවසුවේ රුපියල් ට්‍රිලියනයක වාර්තා ගත ආධායමක් උපයාගැනීම වෙනුවෙන් ඊයේ (10)රේගු මූලස්ථානයේදී පැවති උත්සවයකදී ය.