දියවැඩියා සුළි කුණාටුව ශ්‍රී ලාංකාවට කේන්ද්‍ර වෙයි .

දියවැඩියාව වැලඳීම සදහා ලොව වඩාත් අවධානම් පිරිස  ශ්‍රී ලාංකිකයන්  බවත් අධික ආහාර පරිභෝජනය ඔවුන් මෙම තත්ත්වයට ඇද දමන මූලිකම හේතුව බවත් කායික රෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා අවදාරණය කළේය.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය අතර 53% දිවැඩියාව හෝ පූර්ව දියවැඩියාවේ ගොදුර බවට පත්වෙමින් සිටින බවත් ලෝක තත්ත්වය අනුව අප රට තුල ඉතා කනගාටුදායක පසුබිමක් නිර්මාණය වෙමින් පවතින බවත්  හෙතෙම සදහන් කළේය.

ස්වභාවයෙන්ම ආසියාතික ජනතාව දියවැඩියාවට ගොදුරුවීමේ ඉහළ ප්‍රවනතාවයක් දක්වන බවත් ඔවුන්  කායිකව ඉතා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම  අත්‍යවශ වුවද මේ වන විට අක්‍රීය ජීවන රටාවකට යොමුවීම මෙන්ම විශාල ආහාර ප්‍රමාණයක් පරිභෝජනය කරන බවත් එය දියවැියාව ඇතිවීමේ ඉහළම අවධානම් සාධක බවත් ඔහු පෙන්වා දුන්නේය.

නිසි පාලනයකින් තොරව දියවැඩියාව පැවතීම සිරුරේ බොහෝ ඉන්ද්‍රිය මෙන්ම අවයව එහි දරුණු පහරදීම් වල ඉලක්කයන් වන බවත් ස්නායු පද්ධතිය, අක්ෂි, හෟදය, වකුගඩු ආදී රෝගාබාධ මෙන්ම අවයව අහිමිවීම් වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බවත් වෛද්‍ය රවී ජයවර්ධන මහතා පැවසීය.

එසේම ජීවන අපේක්ෂාව පහළ වැටීම, ලිංගික දුබලතාවයන් ඇතිවීම සදහා රෝගයේ පශ්චාත් රෝගාබාධ හේතුවන බවත් ඔහු කීය. 

ක්‍රමවත් පාලනයෙන් යුතු ආහාර රටාවකට යොමුවීම, ශරීරය ක්‍රියාකාරීම තබාගනීම, ශරීර ස්කන්ධ දර්ශකය නියමිතව පවත්වාගැනීම, ක්‍රමවත් නින්දක් ලබාගැනීම, මානසික යහපැවැත්ම මෙන්ම වෛද්‍ය නිරිදේශ අනුව ඖූෂධ ලබාගැනීම රෝගය පාලනය සදහා අත්‍යවශ සාධක බවද ඔහු පෙන්වා දුන්නේය.

එසේම නියමිත සායනික පරීක්ෂණවලට යොමුවීමද ඉතා වැදගත් කටයුත්තක්  බවත් හෙතෙම පැවසීය.

කායිකරෝග විශේඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා මේ බව සදහන් කළේ  නොවැම්බර් 14 දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් කොළඔ ජාතික අක්ෂි රෝහලේ ඊයේ (22) පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය.