ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සමත් විය. ඒ දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 7කින් ජය ගනිමිනි.
බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 176ක්.
ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 169ක් පමණයි.
ඒ අනුව දෙවැනි වරටත් පන්දුවාර 20යි 20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම හැකිවිය.
ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ප්‍රකාශ කළේ තමන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවය.
තරගයේ වීරයා සම්මානය විරාත් කෝලි විමින් දිනාගත්තේය.
තරගාවලියේ වීරයා සම්මානය ඡස්පිට් බුම්රා විමින් දිනාගත්තේය.