තුඩගින් රුහිරු කිරි කර බිළිදුන් වඩනා, තිසරුනි කරුණ කිම රහසේ ඉකිබිඳිනා.

මූලික අධියරේදී පියයුරු පිළිකාව හදුනාගැනීමෙන් පූර්ණ වශයෙන් සුවය ලගාකර ගැනීමේ හැකියාව පැවැතියද රෝගීන් අතරින් 30%  ක පමණ පිරිස ප්‍රතිකාර සහා පැමිනෙන්නේ අවසන් අධියරේදී බව ජාතික පිළිකා වැඩ සටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රීති අලහප්පෙරුම මහත්මිය අවධාරණය කළාය.

පියයුරු පිළිකාව ඇතිවීම වලක්වා ගැනීමට මාර්ග සොයනාවාට වඩා මූලික කාරනය විය යුත්තේ පිළිකාව පළමු අධියරේද හදුනා ගැනීම සහ ප්‍රතිකාර සදහා යොමුවීම බව ද ඇය සදහන් කළාය.

නිසි අවස්ථාවේ රෝගය හදුනාගැනීමත්, නියමිත ප්‍රතිකර්ම සදහා යොමුවීමත්, රෝගය සිරුරින් පහව යනතුරු අඛණ්ඩව ප්‍රතිකාර ලබාගැනීමත් පිළීකා රෝගීන් සිදුකළ යුතු පිළවෙත් බවත් වෛද්‍ය අලහප්පෙරුම මහත්මිය අවධාරණය කළාය.

පියයුරු පිළිකාව මූලික අධීයරේදී හදුනා ගැනීමට සරල සහ පහසුම ක්‍රමවේදය ස්වයං පියයුරු පරීක්ෂාව බවත් වසර විස්සට වැඩි සියලුම කාන්තාවන් සෑම මාසයකදීම තම පියයුරු යුගල පරීක්ෂා කිරීම ජීවින චර්යාවේ එක් අංගයක් කර ගන්නා ලෙසත් ඇය සදහන් කළාය.

සිය දෙතනේ කිරි පොවමින් දරුවන් පෝෂණ්‍ය කරන මවක පියයුරු පිළිකාව නිසා ජීවිතය අහිමිවීම ඉතා සංවේදී කරුණක් බවත් සියලුම පුරුෂයන් කාන්තාව පියයුරු පිළිකාවෙන් ගලවා ගැනීම සදහා තම භූමිකාවේ සිට ඇයට අවශ්‍ය උපකාරය ලබාදෙන මෙන් තමා ඉල්ලා සිටින බවත් වෛද්‍ය අලප්පෙරුම මහත්මිය පැවසුවාය.

පෙරේදා (24) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්ංශයේදී පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී ඇය මේබව පැවසුවාය.

සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ