ටොමිකෝ ටූකා සොබාදමට අවනත වෙයි.

ලොව වියපත්ම මිනිසා ලෙස ගිනස් වාර්තාවක් තැබූ ජපානයේ ටොමිකෝ ටූකා සිය දිවි ගමන අද (04) නිමා කළාය.

1908 මැයි 23 උපත ලද ඇය මිය ය නවිට 116 වියේ පසුවූවාය.

අවුරුදු 116 ක් ආයු වැලදූ ලොව 30 වෙනි පුද්ගලයා  ඇයයි.

මීට පෙර ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට එක්වූ ස්පාඤ්ඤයේ මාරියා බ්‍රැන්යාස් මොරේරා පසුගිය වසරේ අගෝස්තු මාසයේයේදී දිවි ගමන නිමා කළ අතර මිය යන විට ඇය 117 වියේ පසුවූවාය.