ජීවිත දේපල පැහැරගත් ෆෙන්ගල් දකුණු ඉන්දියාවට පලායයි.

ෆෙන්ගල් සුළි කුණාටුව මේ වන විට උතුරු තමිල්නාඩුවේ පුදුවේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාවට ඇතුලුවී ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.

එය ඉදිරි පැය කිහිපය තුල බටහිර සිට නිරිත දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති බවත් මෙම පද්ධතිය හරහා රට පුරා පැවති අයහපත් කාලගුණය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්විය හැකි බවත් එම නිවේදනයේ සදහන් ටෙවයි.

කෙසේ වුවද අද(01) දිනයේත් උතුරු පළාතේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බර විය හැකි බවත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර , සබරගමුව , වයඹ සදහ උතුරු මැද පළාත්වලත් ,මහනුවර  නුවර එළිය දකුණු පලාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසිවාර කිහිපයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ සදහන් වෙයි

.සෙසු ප්‍රදේශවලද රාත්‍රී කාලයේදී වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත්විය හැකි බවත් ඔවුන්  නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *