ලොව පුරා මුස්ලිම් ජාතික ජනතාව මහත් භක්තියෙන් සමරන මිලාද් උන් නබී උත්සවය අදට(05) යෙදී ඇත.
සාමය සහ සමානාත්වය පදනම කරගනිමින් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ අල්ලා දෙවියන්ගේ දූතයාවූ මුහම්මද් නබිතුමා ක්‍රිස්තුවර්ෂ 570 දි අරාබියේ මක්කම නගරයේදී උපත ලබා ඇත.
කුඩා අවධියේ සිටම සියලු දෙනාගේ ගෞරව ආදරය දිනාගනිමින් යහපත් දිවි පෙවෙතක් ගෙවූ නබි නායකතුමා ඉස්ලාම් දහමේ හර පද්ධතිය දේශනාවෙන් ක්‍රියාවෙන් සහ පරිත්‍යාගයෙන් ලොවට පසක් කළ සුවිශේෂ නායකයෙක් වෙයි.
මෙවර ජාතික මිලාද් උන් නබී සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද අම්බලන්තොට මැලේ කොලනි ගම්මානයේදී මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිස් පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.