ජනප්‍රිය ගායන ශිල්පි ලියම් පේන් මියයයි.

වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් වන ලියම් පේන් මරුට.

ඒ , ආර්ජන්ටිනාවේ හෝටලයක තුන්වැනි මහලෙන් පහළට ඇද වැටී සිදු වූ අනතුරකින් ය.

ඔහුගේ සිරුරේ දැඩි තුවාල ද තිබූ බව එරට ආරක්ෂක අංශ පවසයි.

ලියම් පේන් මියයනවිට ඔහුට වයස අවුරුදු 31කි.

වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමට 2010 වසරේ සිට ලෝකප්‍රකට සංගීත කණ්ඩායම් අතරට එක්වීමට හැකිවුණි.

වන් ඩිරෙක්ෂන් ගායක කණ්ඩායම කලක් ලොව තරුණ තරුණියන් අතර උන්මාදයක් ඇතිකිරීම සමත් විය.

වසර ගණනාවක් ජනතා හදවත් තුළ ලැගුම් ගත් ඔහු නික්ම ගියේ අපූරු නිර්මාණ රැසක මතක ඉතුරු කරමිනි.

one-direction-newsmace.com