කැනඩා වීසාවලට ටෲඩෝ හරස්වෙයි.

විදේශ ශ්‍රමිකයන් වැනි තාවකාලික සංක්‍රමිකයින් විශාල වර්ධනයක් රට තුල ඇතිබව පවසමින් කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා වෙනුවෙන් සීමා ප්‍රකාශයට පත්කරයි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව 2023 දී ජාත්‍යන්තර සිසුන් මිලියනයකට අධික සංඛ්‍යාවකට කැනඩා සත්කාරත්වය ලබාදී ඇත. එය ඇමරිකා එක්සත් ජනපදයේ සංඛ්‍යාවට සමාන අගයක් ගනී.