අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් විපතට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සදහා තවත් රුපියල මිලියන 50 ක මුදලක් වෙන්කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දුන්නේය.
නිරතුරුව රට මුහුණ දෙන ගංවතුර අවදානම මැඩපැවැත්වීම සදහා නිශ්චිත සහ තිරසාර විසදුමක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී අවදාරණය කළේය.
මුදල් අමාත්‍යංශයේ සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති විශේෂ සාකචාඡ්වකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය..
අයහපත් කාලගුණය හේතුවෙන් මේවන විට දිස්ත්‍රික්ක 16 කට අයත් පවුල් 40,516 ක් සාමාජිකයින් 158,391 ක් පීඩාවට පත්ව ඇති අතර මරණ 3ක් වාර්තා වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.
පවුල් 2,470 කට අයත් පුද්ගලයින් 10,363 ක් ආරක්ෂිත ස්ථාන 79 ක රදවා ඇති බවත් එම මධ්‍යස්ථානය පැවසීය.