කාන්තාව අගයන ලෝක දිනය, ජාන්ත්‍යන්තර කාන්තා දිනය අදයි(08)

ලොව පුරා විවිධ රටවලදී කාන්තාවන්ට විදීමට සිදුවන දුක් ගැහැට පිලිබදව අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක කාන්තා දිනය ප්‍රකාශයට පත්කරණු ලැබිණි. ඒ 1974 වර්ෂයේදී ය.

එදින ආරම්භවූ කාන්තා දින සැමරුම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් විසින් සෑම වසරකම මාර්තු 08 දින උත්සවාකාරයෙන් සමරණු ලබයි.

සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සදහා අයිතිවාසිකම් සමානාත්වය, සවිමත්කිරීම යන්න මෙවර කාන්තා දිනයේ තේමාව වී ඇත.