අද දිනයේ (10) දිස්ත්‍රික්ක ගනනාවක මිලි ලීටර් 75 ඉක්මවූ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුර , උතුරුමැද , නැගෙනහිර සමහ මධ්‍යම පළාත්වල පවතින වැසි සහිත කාලගුණය ඉදිරියේද බලාපොරොත්තු විය හැකි බවත් රටපුරා ප්‍රදේශ ගනනාවක අහස වලාකුළින් බරව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.
එමෙන්ම උතුර , නැගෙනහිර , උතුරු මැද , ඌව , මධ්‍යම සහ දකුණු පළාත්වලත් විටින් විට ඇතිවන වැසි තත්ත්වයක් හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කන බවත් එම නිවේදනයේ සදහන් වෙයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට ද්‍රිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මි.මී.75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ අතර ත්‍රිකුණාමලයේ සිට මඩකළපුව හරහා හම්බන්තොට දක්වා වෙරලට ඔබ්බෙන් වන මුහුදු තීරය විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්
දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල අපර භාගයේ හෝ රාත්‍රි කාලයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.