උතුර, උතුරුමැද, නැගෙනහිර සමහ මධ්‍යම පළාත්වල පවතින වැසි සහිත කාලගුණය ඉදිරියේද බලාපොරොත්තු විය හැකි බවත් රටපුරා ප්‍රදේශ ගනනාවක අහස වලාකුළින් බරව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.
එමෙන්ම උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් විටින් විට පවඇතිවන වැසි තත්ත්වයක් හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කන බවත් එම නිවේදනයේ සදහන් වෙයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට ද්‍රිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මි.මී.150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
උතුරු පළාතේ සහ මාතලේ නුවරඑළිය පොලොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවල මි මී 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් අනිකුතු ප්‍රදේශ වල විටින් විට ඇද හැලෙන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවදාරණය කරයි.