වාහන ආනයන සදහා පනවා තිබූ තහනම සම්පූර්ණ ඉවත්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියලඹලාපිටිය ප්‍රකාශ කළේය.
අදියර තුනක් යටතේ මෙම සීමා ඉවත් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිවූ බවද හෙතෙම පැවසීය.
ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් පළමු දා සිට මගී ප්‍රවාහන බස්රථ සදහාද, දෙසැම්බර් පළමුදා සිට භාණ්ඩ ප්‍රවාහන වාහන සදහාද, 2025 වසරේ පෙබරවාරි පළමුදා සිට අනිකුත් සියලුම වාහන සදහාද ආනයන සීමා ඉවත් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
රටේ පැවතුන ආර්ථික අර්බුදය මෙන්ම විනිමය හිගය හේතුවන් භාණ්ඩ වර්ග 200 ක වැඩි ප්‍රමාණයකට ආනයන සීමා පනවා තිබිණි.