මේ වසරේ ගෙවී ගිය මාස පහේදී 2023 වසරට සාපේක්ෂව අයවැය හිඟය 64% කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
2023 වසරේ මැයි මස 31 දක්වා කාලය තුල අයවැය පරතරය රුපියල් බිලියන 1014 ක් පැවති බවත් මෙම වසරේ එම කාලය තුල අයවැය පරතරය රුපියල් බිලියන 366 ක් ලෙස වාර්තා වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රට නිසි වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙම ජයග්‍රාහී ඉලක්ක වෙත ට ලගාවීමට හැකිවූ බවත් ශ්‍රී ලංකා රේගුව සෑම අවස්ථාවකදීම රජය විසින් ලබාදෙන ආධායම් ඉලක්ක සපුරාලමින් රටේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් ලබාදෙන බවත් හෙතෙම අවදාරණය කළේය.
2024 වසරේදී රේගුවට ලබාදී ඇති ආධායම් ඉලක්කය රුපියල් බිලියන 1537 ක් බවත් මේ වනවිට ඔවුන් රුපියල් බිලියන 708 ක ආධායමක් උපයා ගනිමින් එම ඉලක්ක සපුරා ගැනීමේ මාවතට පැමිණ ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
රේගු ආයතනයේ ප්‍රධාන අධායම් මාර්ගය වන වාහන ආනයනය අත්හිටවා ඇති අවස්ථාවකදී මෙම ජයග්රහන අත්පත් කර ගැනීම විශේෂත්වයක් බවද අමාත්‍යවරයා පැවසීය.
රේගු දෙපාර්තමේන්තු සංවිධනය කළ බලයලත් ආර්ථික මෙහෙයුම් කරුවන් සදහා සහතික පත් ප්‍රධානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී ආනයන සහ අපනයන කටයුතු රේගු පරීක්ෂාවකින් බැහැරව සිදුකිරීමට මෙරට ප්‍රධාන පෙළේ ආයතන 31 කට අවසරය ලබාදුන් අතර වසර ගනනාවක් තිස්සේ ඔවුන්ගේ ආනයන අපනයන පිලිබදව සිදුකල අධීක්ෂණයකින් පසුම මෙම අවස්ථා ලබාදී ඇත.