අපේ පිරිමින්ට ඉල්ලුම වැඩිවෙන හැඩයි

ශ්‍රී ලංකාවෙි 21,781,800 වූ සමස්ත ජනගහනය අතර කාන්තා ජනගහනය පිරිමි ජනගහනය ඉක්මවා ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස දැක්වීමේදී ස්ත්‍රීන් ප්‍රතිශතය 51.7% වන අතර පුරුෂ ප්‍රතිශතය 48.3%වන වන බව 2024 ජන හා නිවාස සංගණන වාර්තාවන්ට අනුව අනාවරණය විය.

එසේම කාන්තාවන් සහ පිරිමින් ව්‍යාප්තිය පිලිබදව සැලකීමේදී නාගරිකව ජීවත්වන කාන්තාවන් 51.9% වන අතර පුරුෂයන් 48.1%වෙති .

ග්‍රාමීය ප්‍රජාව අතර කාන්තා ජනගහන ප්‍රතිශතය 51.7% වන අතර පිරිමි ප්‍රතිශතය 48.3 කි.

එසේම ග්‍රාමීය වතු ආශ්‍රිතව කාන්තා ව්‍යාප්තිය 51.4% වන අතර පුරුෂයන් 48.6% දක්නට ඇත.

නාගරික වතු ආශ්‍රිතව කාන්තාවන් 50.4% පුරුෂයන් 49.9% ජීවත්වන අතර පිරිමින් වැඩි ප්‍රතිශතයක් නාගරික වතු ආශ්‍රිතව ජීවත් වන බව දක්නට ඇත.

‍මෙහිදී නාගරික වතු ලෙස හැදින්වෙන්නේ අක්කර 20 වැඩි කෘෂිකාර්මික භූමි ප්‍රදේශ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *