පසුගිය වසරේ අපනයන ආදායම 7.06% කින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව 2023 වසරේ ඇ.ඩො. මිලියන 15106.16 ක් වූ අපනයන ආදායම 2024 වසරේ ඇ .ඩො මිලියන 16172.59 දක්වා වර්ධනය වී ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කරයි.
එම කාලපරිච්ඡේදය තුල භාණ්ඩ අපනයන 6.67% කින්ද සේවා අපනයනය 8.51% කින්ද වරධනය වී ඇත.‘
මේ අතර රේගුව විසින් නිකුත් කතරන ලද තාවකාලික දත්ත වලට අනුව වෙළද භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2024 දෙසැම්බර් මාසයේ ඇ. ඩො. මිලියන 1042.5 දක්වා 4.06% වර්ධනයක් පෙන්නුම් කර ඇත. මේ සදහා ඇගලුම් සහ රෙදි පිළි, තේ සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශිත්‍ර නිෂ්පාදන, කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන ආහාර සහ පාන වර්ග අපනයනය හේතුවී ඇත.