අද රෑ 12 සිට සද්ද බැහැ. මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාල සියලුම ප්‍රචාරක කටයුතු අද(11) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බවත් ඡන්දය පැවැත්වීමට නියමිත නොවැම්බර් 14 දින දක්වා නිහඩ කාලයක් ක්‍රියාත්මක වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර් .එම් ඒ එල් රත්නායක මහතා අවදාරණය කළේය.

කෙසේ වුවද අපේක්ෂකයින් පිහිටවා ඇති මැතිවරණ කාර්යාල හෙට (12) මධ්‍යම රාත්‍රී 12 දක්වා පවත්වා ගෙන යා හැකි බවද හෙතෙම කීය.

නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාල සියලු කටයුතු මේ වනවිට සූදානම් කර අවසන් බවද රත්නායක මහතා පැවසීය .

මේ අතර මෙවර මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කෙරෙන අවසන් ජනරැළි රට පුරාවිවිධ ප්‍රදේශ වල පැවැත්වීමට අදාල කටයුතු සූදානම් වන ආකාරයද දක්නටලැබිණි.

ජාතික ජන බලවේගයේ අවසන් මහ රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගර සභා පිටියේදී සහ සහ පිලියන්දල සෝමවීරචන්දසිරි ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම්ව පැවතිණි.

සමගිජන බලවේගයේ අවසන් රැලිළිය එහි නායක සජිති ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත් කඩේ මංසන්ධියේදී පැවැත්වීමට කටයුතු කෙරෙන ආකාරය දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් රැළිය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල කාල්ටන් නිවාස පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇති බව සදහන් කෙරිණි.