අත්‍යවශ්‍ය භාණ්ඩ 63 ක වෙළද බද්ද දික්වෙයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලුව භාණ්ඩ 63ක් සදහා මෙතෙක් පැවැති විශේෂ වෙළද භාණ්ඩ බදු අනුප්‍රමාණ තවදුරටත් එලෙසින්ම පවත්වා ගෙන යාමට මුදල් අමාත්‍යංශය තීරනය කර තිබේ.

2024 දෙසැම්බර් 31 දක්වා මෙම භාණ්ඩ සදහා ආනයන බදු ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනය ක් නිකුත් කර තිබූ අතර එම භාණ්ඩ වලට අදාල ආනයන වෙළද බද්ද තව දුරටත් පවත්වාගෙන යාම සදහා 2417/20 නව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

කෙසේ වුවද මෙතෙක් පැවති බදු අනුප්‍රමාණ එලෙසින්ම පවත්වාගෙන යාම තුලින් භාණ්ඩ මිලෙහි වෙනසක් සිදු නොවන බව මුදල් අමාත්‍යංශය අවදාරණය කරයි.