ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.
“දරුවන් රැකගමු සමසේ රැකගමු “ යන්න මෙව ළමා දිනයේ තේමාවයි..
ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥාප්තියට අනුව වයස අවුරුදු 18 අඩු සියලු දෙනා ළමුන් ලෙස සැලකෙන අතර 1954 වසරේ එක්සත් ජාතීන්ගේ යෝජනාවකට අනුව ළමා දිනය ආරම්භය සටහන් විය..
ලෝක ළමා දිනය වෙනුවෙන් පනිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ “ලෝකය ළමුන්ටයි ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු යන්නයි.
“මේ සහඝ්රයේ ළමුන් මුහුණ දෙන අභියෝල ලෙස දිළිදුකම මන්දපෝෂණය , සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව පරිසර විනාශය අධ්‍යාපනයේ අසමතුලිත බව සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතය් ගොදුරු බවට පත්වීම පෙන්වා දෙයි.
දරුවන්ගේ මනෝ සමාජීය සංවර්ධනයට බාධා කරන සමාජීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව ආදිය අගතීන්ගෙන් වත්මන් පරපුර මුදවාගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනාදීම අපගේ පුනරුද යුග කාර්්‍යයෙහි මහැගි අරමුණයි.
කයින් මනසින් මෙන්ම අධ්‍යාත්මයෙන් නිරෝගි සුපසන් ළමා පරපුරක් බිහිකිරීම මගින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වනබව අපි දනිමු.
ඒ සදහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මනාව දයාව අනෝන්‍ය විශ්වාසය සහ ගෞරවය සහ පිළිගැනී මෙන්ම යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වභාවික ස්වභාවික සම්පතින් සපිරි පාරසරික උරුමය රැකදීමටත් අවැසි පාරසරික උරුමය රැකදීමට අවැසි අවශ්‍ය දේශපාලනික පරිවර්ථනය අපි ප්රමුඛ කාර්යක් සේ සලකා එය ඉටු කිරීමට කැපවෙමු.
ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද ඔක්තෝබර් පළමු දට යෙදී තිබෙන අතර “ගෞරාවාන්විත වයස්ගත “ මෙවර වැඩිහිටි දිනයේ තේමාව වී තිබේ.