සුළු ආසාදනය, මරණය වරෙන්තුවක් කරන සෙප්සීස්

ලොව පුරා සිදුවන සෑම මරණ පහකදී එක් මරණයක් සදහා හේතු වන්නේ සෙප්සීස් හෙවත් ආසදනයක් නිසා ඇතිවන සංකීර්ණ තත්ත්වයක් බව කොළඔ ජාතික රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නන්දනී වනිගසේකර මහත්මිය අනාවරණය කළාය.

එසේම වාර්ෂිකව ලෝක ජනගහනය අතරින් මිලියන 50 ක් පමණ සෙප්සීස් තත්ත්වයට ගොදුරු වන බවත්  එම පිරිස අතරින් මිලියන 11 පමණ මරණයට පත්වන බවත් ජීවිතය රැකගන්නා අය අතරින්ද බොහෝ දෙනෙක් ආබාධ සහ සංකූලතා සහිතව ජීවත් වීමට සිදුවන බවත්  ඇය සදහන් කළාය.

“සෙප්සීස් කියන්නෙ ඉතා ඉක්මණින් ප්‍රතිකාර ලබා දිය යුතු රෝගී තත්ත්වයක්” “රෝහල්වල  හදිසි ප්‍රතිකාර ලබාදිය යුතු රෝග අතරට පෙප්සීස් නමත් ඇතුලත් කර තියෙනව “ බොහෝ දෙනෙකුටමේ රෝග ලක්ෂණ හදුනා ගන්න අමාරුයි ඒ නිසා රොහල් කරා ඒන්නෙ ගොඩක් ප්‍රමාද වෙලා “.

නොයෙකුත් ක්‍රමවේද මගින් ශරීරය ආසාදන ඇතුල් විය හැකි බවත් සමහර අවස්ථාවල සම මත ඇතිවන ඉතා කුඩා විවරයකින් වුවුද ශරීරයේ ඇතිවන ආසාදනය නිසා ඇතිවන සංකූලතාවය එය සෙප්සීස් තත්ත්වය දක්වා වර්ධනය විය හැකි බවත් කෙසේ වුවවද රෝහල් වල සිදු කෙරෙන සැත්කම් වලදී පවා මෙම තත්ත්වය ඇති වන බවද ඇය සදහන් කළාය.

සෙප්සීස් රෝගි තත්ත්වයට වඩාත් අවධානම් කාණ්ඩය ලෙස බිලිදු දරුවන්, දීර්ඝ කාලීනව ඖෂධ ලබාගන්නා පුද්ගලයන් , වසර 70 වැඩි පුද්ගලයන්, ප්‍රතිශක්තිය දුර්වල පිරිස විශේෂයෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනය නොකළ රෝගීන් වකුගඩු රෝගීන් මෙන්ම පිළිකා රෝගීීන් හැදින්විය හැකි බව විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

ශරීරයට සිදුවන ආසාදනයක් සුළු තත්ත්වය පත් නොවී සංකීර්ණ තත්වයක් දක්වා වර්ධනය වීම සෙප්සීස් ලෙස හදුන්වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පියුෂා ජයවර්ධන මහත්මිය අනාවරණය කළාය.

“සමහර පුද්ගලයන්ගෙ ආසාදන සිදුවූ විට සුළු සෙම්ප්‍රතික්ෂාවක් මූත්‍ර දැවිල්ලක් වගේ ඇතිවී එය පහව යන්න ප්‍රලුවන් ඒත් සමහර පුද්ගලයන්ගෙ මෙම තත්ත්වය නියුමෝනියාව, මූත්‍ර ආසාදන දක්වා වර්ධනය වෙන්න පුලුවන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැරදි ලෙස ශරීරයටම හානිකිරීම තමයි සෙප්සීස් කියන්නෙ.

 සෙප්සීස් තත්ත්වයකදී වඩාත් ඉක්මනින් එය හදුනාගෙන කඩිනමින්  වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවත් රෝහල්වල මෙම තත්ත්වය රන් පැය (golden hour ) ලෙස හදුනා ප්‍රතිකාර ලබා දෙන බවත් ඇය සදහන් කළාය.

“සුළු ආසාදනයේ සිට රෝගය සංකීර්ණ තත්ත්වයට පත්වීම රෝගියා හදුනාගත යුතුයි එහිදී උණ, අධික දහඩිය දැමීම, මූත්‍ර පිටවීම අඩුවීම මෙන්ම වේදනාව, ශරීරයේ පැහැය වෙනස්වීම සෙම්ප්‍රතික්ශාවකදී හුස්ම ගැනීමේ දැඩි අපහසුව, සිහිකල්පනාව මදි වීම, වෙව්ලීම වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන බවද ඇය අනාවරණය කළාය.

උතුරා නිවාගත් ජලය පානය, දෑත් සේදීම, අවධානම් කටයුතුවලදී ආරක්ෂක ආවරණ පැලදීම වැනි ක්‍රම මෙම රෝගයෙන් ආරක්ෂාවීම සදහා භාවිතා කරන පිළිවෙත් බවද ඇය පැවසුවාය.

සැප්තැම්බර් 13 දිනට යෙදෙන ලෝක සෙප්සීස් දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඔවුහු මේ බව කීහ.

සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ