සම සුදුවීම සදහා භාවිතා කරන ආලේප සම මතුපිටට සීමා නොවී ශරීර අභ්‍යන්තරයටද ගමන් කරන බවත් ශරීරය බාහිරව මෙන්ම ඇතුලත නැවත නිවරුදි කළ නොහැකි වෙනස්වීම සහ ආබාධ රැසක් ඇති කෙරෙන බවත් කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිලිබද විශේඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය අවධාරණය කළාය.
සම මතුපිට ඇතිවන ආබාධ අතර සමේ ඇදීම් සලකුණු (stretch mark) සම තුනීවීම, සම යට රුධිර නාලිකා පුලුල්වීම එසේම ශරීර අභ්‍යන්තරයට බලපෑම නිසා අධිවෘක්ක ග්‍රන්ථි වල ක්‍රියා කාරිත්වය ඇණ හිටීමෙන් හෝමෝන නිෂ්පාදනය නැවතීම වැනි ඉතා සංකීර්ණ තත්ත්වයන් ඇතිවන බවත් වෛද්‍ය ඉන්දිරා මහත්මිය පැවසුවාය.
“සුදු වීම සදහා භාවිතා කරන සමහර ආලේපන වල ස්ටෙරොයිඩ් බහුලව අඩංගු වෙනවා. මේවා සම මතුපිට ආලේප කලත් එය මතුපිටට සීමා වන්නේ නැහැ ශරීර අභ්‍යන්තරයටත් ගමන් කරනවා. හරියට ඖෂධයක් ශරීර ගතවුනා වගේ. ප්‍රතිපල විදීමට සිදුවෙනවා. ස්ටෙරොයිඩ් රුධිරයට අවශෝෂණය වීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් දියවැඩියාව රෝගය ඇති කිරීමට බලපානවා“
“ස්ටෙරොයිඩ් වල ඇති තවත් භයානකම ප්‍රතිපලයක් තමයි අධිවෘක්ක ග්රන්ථිවලට සිදුකරන බලපෑම. ස්ටෙරොයිඩ් අධිවෘක්ක ග්‍රන්ති නිපදවන කෝටිසෝල් එන්සයිමයට සමානයි. ස්ටෙරොයිඩ් අඩංගු ආලේපන භාවිතා කරන කෙනෙකුගෙ ශරීරයට මෙම රසායන දුව්‍ය විශාල වශයෙන් ඇතුල්වෙනව එවිට අධිවෘක්ක ග්‍රන්ථී වැරදි වැටහීමක් ලබා ගන්නවා අවශ්‍ය තරම් කෝටිසෝල් ශරීරය තුල අඩංගු බව එවිට ඔවුන් හෝමෝන නිපදවීමේ කටයුක්ත නවතා දමනවා එම ක්‍රියාවලිය ජිවිත කාලයටම බලපැම් ඇතිකරනවා.
කෝටිසෝල් එන්සයිමය මගින් රුධිර පීඩනය පාලනය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය, අපේ ආවේග පාලනයට වැනි සේවාවන් සිදුකරන බවත් ඇය සදහන් කළාය.
සමේ තෙතමනය ආරක්ෂා කරන ( MOISTURIZING) ආලේපනයක් මෙන්ම හිරුරැසෙන් ආරක්ෂාවීම සදහා භාවිතා කරන ආලේපන(SUN PROTECTION) හැරුවිට අනිකුත් ආලේපන ගැල්වීමේ අවශ්‍යතාවයක් තමා නොදකින බවත් සුදු වීමේ උන්මාදය රෝග රැසකට අත වැනීමක් බවත් ඇය සදහන් කළාය.
පසුගිය 06 දා ජාතික විෂ නිවාරණ සතිය (11 – 17) නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය මේ බව පැවසුවාය.
සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ