සුඩානයේ බටහිර ප්‍රදේශයේ පිහිටි ගම්මානයක සිදුවූ නායයෑමක් හේතුවෙන් දහසකට අධික ජනතාවක් මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දින ගනනාවක් පැවැති අධික වර්ෂාව මෙම නාය යාම සදහා හේතුවී ඇති අතර ගම්මානය සමතලා භූමියක් ලෙස දිස්වන බවද එම වාර්තා වල සදහන් වෙයි.
එක්සත් ජාතීනගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංවිධාන වලින් එරට බලධාරින් මියගිය පුද්ගලයින් ගොඩ ගැනීම සදහා සහය ඉල්ලා ඇත.