සීතල ජල බෝතලයට ගිනියම් මිලක්.

බෝතල් කළ පානීය ජල බෝතල් වැඩිා මිලට අලෙවි කළ කොළඹ වරාය නගරයේ වෙළද සැල් හිමියෙකුට රුපියල් ලක්ෂ 05ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර ඇත.

අදාල වෙළද ආයතනය රුපියල් 70 ක් ලෙස මිල සදහන් වුන 500ml ජල බෝතලය රුපියල් 200 මිලකට විකුනා ඇති අතර එය පාරිභෝගික අධිකාරියේ විමර්ෂණ  නිලධාරින් විසින් සිය මෙහෙයුම් දැළට කොටු කරගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් වන නඩුව අද(20) කොළඹ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණයේ දී විභාග කෙරුණු අතර වෙළද ආයතන හිමිකරු විසින් වරද පිළීගනු ලැබිණි.

2025.04.01 අති විශේෂ ගැසට් නිවේදනය අනුව ‍ඉහත සදහන් ධාරිතාවයෙන් යුත් ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 70 ක් ලෙස නියම කර ඇත.