සංචාරක ආකර්ෂණය මෙන්ම ඉහළ වානිජ වටිනාකමින් යුතු ප්‍රදේශ ගනනාවක පිහිටා ඇති ඉඩම් අක්කර 3000 ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයන්ට ලබා දීමට රජය තීරණය කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය
රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
මෙම ඉඩම් සංචාරක සංවර්ධන අධිකාරිය සතු බවත් මෙහි සංචාරක යෝග්‍යතාවය මෙන්ම පාරිසරික අනුකූලතාවය තක්සේරු වාර්තා ආදීය ලබාදීම සංචාරක සංවර්ධන අධිකායේ අයෝජන සබදතා අංශය මගින් සිදුකරන බවත් හෙතෙම පැවසීය.
ඊයේ (21)විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය සාකච්ජාවකදී ඔහු මේ බව සදහන් කළේය.
මෙම ඉඩම් ආයෝජනය සදහා යොදා ගැනීමේදී තරු පංතියේ හෝටල්, නිවාඩු නිකේතන, ත්‍රාසජනක ලැගුම්හල්, සංචාරකයන් සදහා කෟෂි කාර්මික නිෂ්පාදන, සංචාරක මධ්යස්ථානන වැනි කටයුතු සදහා යෝග්‍ය බව ආයෝජන සබදතා අංශය පැවසීය.