රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්දයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 දින දක්වා රක්ෂණ බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් නියෝග කරණු ලැබිණි.
අද(22) පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වූ නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.
රනිල් වික්‍රමසිංහ මහතා මැගසින් බන්ධණාගාරයටගෙන යාමට නියමිත අතර එහිදී වෛද්‍ය පරීක්ෂණයට භාජනය කිරීම ද සිදුකෙරේ.
2023 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයකට සහභාගිවීමෙන් අනතුරුව ආපසු පැමිණීමේදී එක්සත් රාජධානයේදී සහභාගි වූ සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවය සදහා රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර ඒ සදහා ප්‍රකාශයක් ලබා ගැනීමට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත කැදවනු ලැබිණි.
කෙසේ වුවද හිටපු ජනාධිපතිවරයෙක් බන්ධනාගාර ගත කෙරුනු පළමු අවස්ථාව මෙය වන අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ එය සුවිශේෂ සංධිස්ථානයවක් වෙයි.