ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් ගෞරවයෙන් සමරන මැදින් පුන් පොහොය දිනය අදයි(02).
බුද්ධත්වයෙන් වසරකට පසු පළමු වරට සිය උපන් දේශය වන කිඹුල්වත් නුවරට වැඩමවීම. බුදුන්වහන්සේ ශාක්යන්ගේ මානය බිදීම සදහා දෙවන වර යමාමහ ප්රාතිහාර්ය පැවැත්වීම, රාහුල කුමරු පැවිදි කරවීම ආදී ශාසනික වටිනාකමින් යුත් විශේෂ සිදුවීම් රැසක් මෙම පොහොය දිනයේදී වැදගත්වෙයි.
බෞද්ධ ජනතාව ආමිස පූජා, ප්රතිපත්ති පූජා වලට මුල්තැන දෙමින් අද දිනය ආගමානුකූල ගතකිරීමට කටයුතු කරති.