මැතිවරණ ඉතිහාස පොත රතු අකුරින් ලියවෙයි.

ශ්‍රී ලාංකික මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට වාමාංශික පක්ෂයක් ජයග්‍රහනය වෙත ඔසවා තබමින් ජාතික ජන බලවේගය නියෝජනය කළ අනුර කුමාර දිසානායක මහතා මෙරට 9 වැනි විධායක ජනාධිපති ධූරය සදහා තේරී පත්විය.

ඊයේ (21) පැවැති ජනාධිපතිවරණයෙන් ඡන්ද සහ මනාප 5,740,179 ලබා ගනිමින් අනුර දිසානායක මහතා ඒ සදහා සුදුසුකම් ලැබීය

මැතිවරණ ඉතිහාසයට වාර්තා ගත සිදුවීම් ගනනාවක්ම එක්කළ මෙවර මැතිවරණ දෙවැනි මනාපය ගනනය කළ පළමු මැතිවරණය මෙන්ම මෙතෙක් පැවති සාමකාමී මැතිවරණය ලෙසද හැදින් වෙයි.

දශක තුනකට ආසන්න කාලයක දේශපාලන අත්දැකීම් වලින් පරිපූර්ණ අනුර දිසානායක මහතා 2001 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම සහ වාරිමාර්ග කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

1968 වසරේ අනුරාධපුර තඹුත්තේගම උපත ලැබූ ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

මෙවර මැතිවරණය සදහා අපේක්ෂකයන් 38 දෙනෙකු තරග වැදුනු අතර මනාප 4,530,902 ලබාගත් සමගි ජන බලවේගය නියෝජනය කළ සජිත් පේමදාස මහතා දෙවෙනි තැන හිමිකර ගත්තේය