මහ මග ජීවිත සුරකීමට SLMA පාරට බහී.

මාර්ග අනතුරු වලකා ගැනීමෙන් අකාලයේ මහ මගට බිලිවන ජීවිත බේරා ගතහැකි බවත් මාර්ග අනතුරු ‍අප රටේ සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් ඇති කරන ප්‍රධාන සාධයක් බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

එසේම අනතුරු නිවාරණය මගින් සෞඛ්‍ය අංශ වෙත පැටවෙන බර අඩු කර ගත හැකි බවත් එය කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට මෙන්ම රටේ ආර්ථිකය වාසිදායක තත්ත්වයක් උදාවීමට හේතුවන බවත් හෙතෙම පැවසීය.

මාර්ග විනය සියලුම ජනතාවට යහපත සදහා හේතු වන බවද ඔහු කීය.

මාර්ග අනතුරු සිදුවීම සදහා මූලික හේතුව මානසික කරුණක් බවත් රියදුරන් මෙන්ම පදිකයන් කල්පනාකාරීව මහ මග භාවිතා කරන්නේනම් අනතුරු වලක්වා ගත හැකි බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් මේ බව සදහන් කළේ පසුගියදා SLMA (ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය) සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ මාර්ග අනතුරු නිවාරණ පාගමනට එක්වූ අවස්ථාවේදීය.

දින දින ඉහළ යන මාර්ග අනතුරු වැලක්වීම සදහා ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කළ මෙම පා ගමන සදහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, එම අමාත්‍යංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත  රෞද්‍රිගු මහතා මෙන් ප්‍රවීන ක්‍රීඩකයන්ද ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

අනතුරු නිවාරණ පා ගමන කොළඔ ගාලුමුවදොරින් ආරම්භ කෙරුණු අතර එය විහාර මහ දේවී උද්‍යාන වෙත ගමන් කරඑහිදී ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් ගනනාවක්ද සිදු කෙරිණි.

සටහන- ලක්ෂ්මි වික්‍රමසිංහ

slma1