ප්‍රතිජීවක ඖෂධ වලට විරුද්ධව කෂුද්‍ර ජීවින් නැගී සිටීම හේතුවෙන් 2050 වර්ෂය වන විට මිනිසුන් මිලියන 40 කට මෙලොව ජීවත්වීමේ වරම අහිමිවී යන බව ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ති ඇල්විටිගල මහත්මිය අනාවරණය කළාය .
ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය (ප්‍රති ක්ෂුද්‍ර ජීවීක ප්‍රතිරෝධය.antimicrobial resistance)මේ වනවිට ඉතා වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන බව මෙන්ම සාමාන්‍යයෙන් මෙම වර්ධනය වාර්ෂිකව 5% සිට 15% දක්වා පැවති බවත් එසේ වුවද 2018 වර්ෂයේ සිට 2023 ( නවතම වාර්තා අනුව) මෙම තත්ත්වය 40% ඉතා ඉහළ වර්ධනයක් බවට පත්වෙමින් වෙමින් මිනිස් ජීවිත කෙරේ දැඩි තර්ජනයක් එල්ලකරමින් සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.
මේ වනවිට ලොව පුරා සෑම ජන ප්රජාවකටම මෙම සෞඛ්‍ය තර්ජනයට මුහුණ දීමට සිදුව ඇති බවත් එසේ වුවද එහි වැඩි අවධානම මධ්‍යම සහ අඩු ආධායම් ලබන රටවල් වෙත එල්ලවී ඇති බව ද ඒ සදහා සෞඛ්‍ය සේවාවල පවතින දුර්වලතාවය හේතු වී ඇති බවත් ඇය සදහන් කළාය
ප්‍රති ජිවක ප්‍රතිරෝධතාවය අප රටේ සැලකියයුතු අවධානමකට පත්ව සිටියද එය අවම කරගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙළ සෞඛ්‍ය අමාතංශය මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බවද කෙසේවුවද මෙම තත්ත්වය අවම කර ගැනීමට වඩා ඉහළ දායකත්වයක් ලබාදිය යුත්තේ ප්‍රජාව විසින් බවත් වෛද්‍ය ජයන්ති ඇල්විටිගල මහත්මිය අවධාරණය කළාය.
එහිදී ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය අනුමැතිය යටතේ පමණක් ලබා ගැනීම එසේම නියමිත මාත්‍රාව, නියමිත වෙලාව සහ නියමිත කාලයක් ලබා ගැනීම, මෙම ඖෂධ වෙනත් අය සමග බෙදා නොගැනීම, සුළු රෝගී තත්ත්වයකක් සදහා ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නොගැනීම එසේම භාවිතයෙන් පසු ඉතිරිවන ප්‍රතිජීවක ඖෂධ නිසිපරිදි බැහැර කිරීම යන සිද්ධාන්ත අනුව ඖෂධ ලබාගත යුතු බව ඇය පෙන්වා දුන්නාය.
ජීවීන්ගේ ප්‍රතිරෝධතාවය සදහා හේතු වන අනිකුත් සාධක ලෙස වෛද්‍ය උපදේස් පැහැර හරිමින් ප්‍රතිජීවක ඖෂධ භාවිතය, රෝගයකදී ප්‍රතිකාර ලබාදීමට පෙර ක්ෂුද්‍ර ජීවියා පිලිබද නිසි ලෙස හදුනා නොගැනීම, ක්ෂුද්‍ර ජීවී ආසාදන පාලනය නිසි පරිදි සිදු නොකිරීම සහ පරිසරය සහ සත්ත්වයන් නිසා වන බලපෑම (කෘෂිකාර්මික සහ සත්ත්ව පාලනයේදී ප්‍රතිජීවක අධිකව භාවිතා කිරීම හේතුවෙන් ඒවා ජලය සමගඑක්වීම ද මෙම තත්ත්වයට හේතුවකි) මෙහිදී ප්‍රධාන වන බවද ඇය සදහන් කළාය
ලෝක ප්‍රති – ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය පිලිබද දැණුවත්කිරීමේ සතිය වෙනුවෙන් පෙරේදා (12) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදීපැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී විශේෂඥ වෛද්‍ය ජයන්ති ඇල්විටිගලමහත්මිය මේ බව අනාවරණය කළාය.