පළමු පුරවැසි අපේක්ෂයකයන් ඡන්දය දුන්න හැටි.

ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 07 ට ආරම්භ කෙරුණු අතර ඒ සදහා අපේක්ෂකයන් 38 දෙනෙක් ඉදිරිපත් විණි.

පළමු පුරවැසියා වීමේ අරමුනින් තරග බිමට පිවිසි ප්‍රධාන අපේක්ෂයන් කිහිපදෙනෙක් ප්‍රදේශ කිහිපයකදී ඡන්දය ප්‍රකාශ කිරීම දක්නට ලැබුනේ මේ අයුරිණි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක් මහතා කොළඹ පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ සයිකෝජි පෙර පාසලේදී පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කරන ලදී.

‍ස්වාධීන ආප්ක්ෂකයකු ලෙස තරගයට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාල මැදුරේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශකළේ හම්බන්තොට ඩී.ඒ රාජපක්ෂ විදුහලේදීය.