නුවරඑළිය තැපැල්හලට විජිතගෙන් හසුනක්

ඓතිහාසික වටිනාකමින් යුතු නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පිලිබදව මෙතෙක් ගනු ලැබූ තීන්දු තීරණ සිල්ල අත්හිටවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අවදාරණය කළේය.

නුවරඑළිය තැපැල් කාර්යාලය එම ගොඩනැගිල්ල සහ එම පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සදහා පමනක් භාවිතා කරන බවද හෙතෙම පැවසීය.

 අද(09) 150 වැනි ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කීය.

වසර 130ක අතීතයකට උරුමකම් කියන නුවරඑළිය තැපැල්හල සංචාරක හෝටලයක් ඉදිකිරීම සදහා පෞද්ගලික අංශයට පවරාදීම සමිබන්ධයෙන් පසුගිය කාලය තුල රටපුරා මහත් ආන්දෝලනයක් පැවැතිණි.