මෙතෙක් ලොව වැඩිම ජනගහනය විසූ ජපානයේ ටෝකියෝව අභිබවමින් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ලොව ඉහළම ජනගහනය වෙසෙන නගරය බවට පත්ව ඇත.
එහි ජීවත්වන ජනගහනය මිලියන 42 ක් පමණ වෙති.
එසේම ජනගනය අධිකම ලොව දෙවන නගරය බවට බංගලිදේශයේ ඩකා නුවර පත්ව ඇති අතර මිලියන 40 ක පමණ ජනගහනයක් එහි ජීවත් වන බව වාර්තා වී ඇත.
කෙසේ වුවද මේ වන විට ජපානයේ ටෝකියෝව පත්ව ඇත්තේ මෙම සංඛ්‍යා ලේඛන අතර තෙවන ස්ථානයටයි .ඒ අනුව එහි ජීවත්වන ජනගහනය මිලියන 33 ක් පමණ බව අනාවරණය වී ඇත.
නවතම වාර්තා ඒ අයුරින් වුවද 2050 වර්ෂය වනවිට ලොව වැඩිම ජනගහනය ජීවත්වන නගරය බවට බංගලිදේශයේ ඩකා නුවර පත්වන බවත් ග්‍රාමීය ජනගහනය විශාල වශයෙන් ඩකා නගරය වෙත සංක්‍රමණය වෙමින් සිටින බවත් නිරන්තරව ඔවුන් පීඩාවට පත්වන ගංවතුර සහ මුහුදු මට්ටම ඉහළ යාම මේ සදහා හේතුවන බවත් එක්සත් ජාතීන්ගේ ආර්ථික ජනගහන දෙපාර්තමේන්තුවේ ජනගහන අංශය පෙන්වා දෙයි.
එසේම ආසියානු මහද්වීපය තුල ග්‍රාමීය ජනගහනය ප්‍රධාන නගර කරා සේන්දුවීම ඉතා වේගයෙන් සිදුවන බවත් ඊජිප්තුවේ කයිරෝ නුවර හැරුනු විට ලොව නාගරික ජනගහනය ඉහළම නගර දහය අතරින් නගර නවයක්ම අයත්වන්නේ ආසියා මහද්වීපයට බවත් ඔවුන් සදහන් කරති.