දත් දිරායාම අප රටේ ජනතාව අතර දක්නට ලැබෙන ඉතා සුලබම මුඛ සෞඛ්‍ය ගැටලුව බවත් පාසල් ළමුන්ගෙන් 60% ගේ පමණ දත් දිරායාම නිසා පීඩාවට පත්ව ඇති බවත් වැඩිහිටි ප්‍රජාවගේ 90% ත් ඉහළ ප්‍රමාණය මෙම තත්ත්වයට මුහුණ දී සිටින බවත් ප්‍රජා දන්ත සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශානිකා මුතුතන්ත්‍රී මහත්මිය අනාවරණය කළාය.
දත් දිරායාම වලක්වාගැනීම සදහා වඩාත් සුදුසු ප්රතිකර්මය ෆ්ලෝරයිඩ් භාවිතාකිරීම පමණක් බවත් දත් මැදීම සදහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතා කිරීමෙන් දත්වලට ප්‍රමාණවත් රැකවරණය ලබාගත හැකි බවත් ඇය සදහන් කළාය
ලෝකයේ දියුණු රටවල බීමට ගන්නා ජලයට ෆ්ලෝරයිඩ් එක්කිරීමෙම සෞඛ්‍ය ගැටලුවට පිලියම් යොදා ඇත් නමුත් අප රටේ එය ප්‍රායෝගික නොවන බවත් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කිරීම පමණක් පවතින එකම විකල්පය බවත් ඇය පැවසුවාය
“දත් මැදීමට ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් පමණක් භාවිතා කළ යුතුයි එසේම දත් මදින අතර කෙළ ගැසීම සුදුසු නැහැ “ කටේ පෙණ ඇතිවීම වලක්වා ගැනීමට වියළි කෙදි සහිත දත් බුරුසුවක් භාවිතා කිරීමෙන් පෙණ නැගීම අවම වෙනවා “එසේම දත් මැදීම අවසන් වූ සැනින්ම කට සේදීම නිසා ෆ්ලෝරයිඩ් වැඩි වේලාවක් මුඛයේ රැදී සිටීමට නොහැකි වන නිසා දත් මැද අවසන්වූ පසුවත් මද වෙලාවක්වත් කට නොසෝදා සිටීම වැදගත් .”
“දන්තාලේප තෝරා ගැනීමේදී එහි අඩංගු ෆ්ලෝරයිඩ් ප්‍රමාණය පිලිබදව අවධානය යොමු කළ යුතුයි එහි නියමිත ප්‍රමිතිය අනුව දන්තාලේප මිලියනයක ෆ්ලෝරයිඩ් කොටස් 1000 ක් 1500 තිබීම අවශ්‍යයයි. “එසේම කුඩා දරුවන්ගේ දන්තාලේප වලද ඉහත ප්‍රමාණයෙන්ම ෆ්ලෝරයිඩ් අඩංගුවීම අවශ්‍යයයි.නමුත් ළමා දන්තාලේප වල අඩංගු අනිකුත් ද්‍රව්‍ය සැර අඩුවීම නිසා ළමයින්ට පහසුවෙන් දත් මැදීමට හැකියාව ලැබෙනව.
1955 වර්ෂයේදී ෆ්ලේරයිඩ් ලොවට හදුන්වා දුන් බවත් ඉන්පසුව ලොව පුරා විශෘල ලෙස දත් දිරායාම අවම වූ බවත් ලංකාවේ ෆ්ලෝරයිඩ් හදුන්වා දීම 1986 වසරේදී සිදුවූ අතර ඉන් පසු අපේ රටේ දත් දිරායාම ශීඝ්‍රයෙන් පහත වැටුනු බවත් ඇය පෙන්වා දුන්නාය .
දත් සහ විදුරුමසේ ආරක්ෂාවට දිනකට දෙවාරයක් දත් මැදීම අත්‍යවශ්‍ය අංගයක් බවද ඇය අවධාරණය කළාය.
ඊයේ (13) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී විශේෂඥ වෛද්‍ය ශානිකා මුතුතන්ත්‍රී මහත්මිය මේ බව පැවසුවාය.
සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ