තෙල් මිල එහෙ මෙහෙ වෙයි.

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව රුපියල් 299 පැවැති ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 294 ක් වෙයි.

එසේම රුපියල් 313 ක්ව පැවැති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 05 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318 ක් වෙයි.

රුපියල් 335 ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්ට්‍රල්  මිල මෙන්ම රුපියල් 277 ක්ව පැවැති සුදු ඩීසල් ලීටරයක මිලද සංශෝධනය වී නොමැත .

එසේම රුපියල් 180 ක්ව පැවැති භූමිතෙල් මිලද සංශෝධනය වී නොමැත.