ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රී යේ සිදුවූ බිිහිසුණු බස්රථ අනතුරින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට, බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල් වලටත් ඇතුලත් කර තිබේ.
මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා සහ එහි සේවකයන් 12 දෙනෙකු සහ දරුවන් දෙදදෙනකු මෙන්ම බස් රථයේ රියදුරුද සිටින බව පොලීසිය සදහන් කරයි.
තංගල්ල නගර සභාවේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් විනෝද චාරිකාවක් සදහා සහභාගිවීමෙන් අනතුරුව නිවෙස් බලාපැමිනෙන අතර තුර මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබේ.
ප්‍රධාන මාර්ගයේ සිට අඩි 500 ක් පමන පහලට පෙරලී ගිය බස් රථයේ අනතුරට පත්වූවන් ගලවාගැනීම සදහා පොලීසිය, ගුවන් සහ යුධ හමුදා පිරිස් ගිනිනිවන හමුදාවේ බටපිරිස් සහ ප්‍රදේශවාසීන් එක්ව දැවැන්ත මෙහෙයුමක නිරතවී තිබිණි.