ජ’පුර සමාජවිද්‍යා ශාස්ත්‍රපති හයවන කණ්ඩායමේ විද්‍යාර්ථීන්ට මෙවර උපාධි ප්‍රධානෝත්සවය අහිමිද?

මේ මස19 වැනි දින බී එම් අයි සී එච් හි පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධ් ප්‍රදානෝත්සවයට සමාජවිද්‍යා ශාස්ත්‍රපති (එම් ඒ) උපාධිය හැදෑරූ 6 වන කණ්ඩායමේ සමත් විද්‍යාර්ථීන්ට සහභාගීවීමේ අවස්ථාව අහිමිවීමට අවදානමක් මතුව ඇතැයි එම කණ්ඩායමේ සිසුන් පිරිසක් පවසයි.

2025 ජූලි මස සියලු විභාගත් අගෝස්තු මස 10 දින ස්වාදීන නිබන්ධනයත් අවසන් කර ඇති නමුත් මේ දක්වා ඔවුන්ගේ දෙවෙනි සෙමෙස්තරයට අදාළ ප්‍රතිඵල අදාල විද්‍යාර්ථීන් වෙත තවමත් නිකුත් කර නොමැති බවද වාර්තාවේ. මේ නිසා එම උපාධ් ප්‍රදානෝත්සවයට පැමිණීම ට අදාල කටයුතු සිදුකර නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

මේ නිසා සමාජවිද්‍යා ශාස්ත්‍රපති උපාධිය සමත් සිසුන්ට විශාල අසාධාරණයක් වන අතර මේ තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගැනීමට තොරතුරු ඉල්ලීමක් ද එම විද්‍යාර්ථීන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති බව ද තවදුරටත් දැන ගැනීමට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *