ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කිරීම එක් අපේක්ෂකයකුට සීමාකිරීම හෝ මනාප ලබාදීම සිදුකළ හැකිබව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා දැනුම් දුන්නේය.
එක් අපේක්ෂකයෙකුට පමණක් ඡන්දය ලබාදෙන්නේනම් එම අපේක්ෂකයාගේ නම සහ සලකුණ ඉදිරියේ 1 ඉලක්කම හෝ කතිරය යෙදිය හැකි බවත් එසේ නැතිනම් අපේකෂකයන් තිදෙනෙක් සදහා මනාප ලබාදිය හැකි බවත් හෙතෙම පැවසීය
මනාප ලබාදෙන්නේනම් පළමු මනාපයට එක ඉලක්කමද දෙවෙනි සහ තෙවෙනි මනාප සදහා 2 හා 3 වශයෙන් සකකුණු කළ හැකි බවත් රත්නායක මහතා සදහන් කළේය.
තිදෙනෙකුට වඩා මනාප ලබාදීම සිදුකළ නොහැකි බවත් එසේ ලබාදීමෙන් ඡන්දය අවලංගු වන බවත් හෙතෙම පැවසීය.
කතිරය සලකුණු කළ හැක්කේ එක් අපේක්ෂකයෙකුට පමණක් ඡන්දය ලබාදීමේදී පමණක් බවත් පළමු මනාපය සදහා කතිරය යොදා ඊලග මනාප සදහා ඉලක්කම් යෙදීමෙන්ද ඡන්දය අවලංගු වන බව රත්නායක මහතා කීය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සදහන්කළේ ඊයේ (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.