ඉල් පොහොය අදයි.

කඨින චීවර පූජාවේ අවසානය සටහන් කරන ඉල් පසලොස්වක පොහොය දිනය අදට (05) යෙදී ඇත.

පළමු රහතන්වහන්සේලා 60 නම ධර්ම දූත මෙහෙවර සදහා පිටත් කර යැවීම, මෛත්‍රී බෝසතානන් වහන්සේ අප ගෞතම බුදුන්වහන්සේගෙන් විවරණ ලබාගැනීම, තුන්බෑ ජටිලයන් දමනය සදහා බුදුන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩමවීම. සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම වැනි සාසනික ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් මෙම පොහොය යෙදී ඇත.

මෙරට බෞද්ධ ජනතාවට දාන, ශීල, භාවනා ආදී ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වීම සදහා අද දිනය විශේෂිත වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *