අභිමානවත් ශ්‍රීලාංකික ජාතියක් ගොඩ නැංවීම මගේ අභිලාශයයි – ජනපති කියයි.

සෑම පුරවැසියෙක්ම එක්සිත්ව අභිමානයෙන් යුතුව ජීවත්වන ශ්‍රී ලංකාවක් ගොඩ නංවනතුරු රට සාර්ථකත්වය කරා ඔසවාතැබීම අභියෝගයක් මිස යථාර්ථයක් නොවන බවත් එම සාර්ථකත්වය ගොඩනැංවීමට අවශ්‍ය ව්‍යවස්ථාමය, ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණය සිදුකිරීමට තමා කිසිසේත්ම පසුබට නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවදාරණය කළේය.

ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව ඔහු පළමුවරට ජාතිය අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව පහතින්.