අනුරටත් සල්ලි අච්චු ගහන්න සිද්ධවෙලා

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වැනි සංවත්සරය නිමිත්තෙන් රුපියල් 2000 නව මුදල් නෝට්ටුවක් නිකුත් කර ඇති අතර එය ඊයේ (29) දින සිට මහජන සංසණයට නිකුත් කෙරිණි.

නව 2000 මුදල් නෝට්ටුව මිලියන 50 ක නිකුතුවක් වන අතර එය ශ්‍රී ලංකාව තුල ඕනෑම මුදල් ගෙවීමක් ලෙස වලංගු බව මහ බැංකුව සදහන් කළේය.

සංසරණය සදහා වන සමරු  මුදල් නෝට්ටුවක් ලෙස මෙය නිකුත් කෙරුණු අතර මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 05 වන සමරු නෝට්ටුව වෙයි.එසේම නව රුපියල් 2000 නෝට්ටුව මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිත පළමු මුදල් නොට්ටුව ද වෙයි.

ඒ අතර රුපියල් 2000 නව සමරු  මුදල් නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ  ජනාධිපතිකාර්යාලයේදී ජනාධිපතිවරයා මෙන්ම මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාට නිල වශයෙන් පිලිගන්වනු ලැබිණි.

මේ අවස්ථාව සදහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ එන් දවුලගල, සහකාර අධිපති කේ ජී පී සිරිකුමාර යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.