අදුර පරදා ආලෝකය දකින දීපාවලී අදයි.

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලී දිනය අදට(31) යෙදී ඇත.

විිෂ්ණු දෙවියන් නරගාසුරන් නම්වූ අසුරයා පරාජයට පත්කර ආලෝකය පැතිරවීම දීපාවලී උත්සවයේ ආරම්භය සනිටුවහන් කර ඇත.

අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංකේතවත් කරමින් ආලෝකපූජා පැවැත්වීම හින්දු බැතිමතුන් චිරානුගතව සිදුකරන චාරිත්‍රයක් වෙයි.